තව කෙනෙක්ගේ මානසික පීඩනයට හේතුවක් නොවී ඉමු.

හැම මොහොතේම අපි තව කෙනෙක්ට ජීවත් වෙන්න ආස හිතෙන්න හේතුවක් වෙන්න ඕනෙ. දෙවියෝ අපිව මවලා තියෙන්නේ හේතුවක් එක්ක. අපි තව කෙනෙක්ගෙ ජීවිතේ එයාට ජීවත් වෙන්න තියන ආසව නැති කරලා දානව නම් අපි අසාර්ථක මිනිස්සු.

බුදුහාමුදුරුවා දේශනා කරලා තියනවා හේතු පල දර්ශනය කියලා දර්ශනක්.ඒකෙන් උන්වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ හේතුවක් නිසා ඵලයක් හට ගන්නවා හේතුව නැති වෙලා යන මොහොතේ ඵලය නැති වෙනව කියල.
ඔයා හරි කැමති නේ සතුටින් ඉන්න. ඒ වගේම අනිත් සියලු දෙනාම කැමති සතුටු වෙන්න. ඔයා සතුටු වෙන්න. හැම තප්පරේම ජීවිතේ විදින්න. ඒත් ඔයාට අයිති නෑ අනිත් කෙනාගෙ සතුට නැති කරන්න.
තව කෙනෙක් සතුටු වෙන දිහා බලලා සතුටු වෙන්න උත්සාහ කරන්න. ඔයාට මුලු ලෝකයක් මානසික පීඩනයන්ගෙන් ගලවා ගන්න පුලුවන්.

Published by අදිති රිහානා

no more..

Leave a comment

Design a site like this with WordPress.com
Get started